දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද ජනතාවගේ ජීවන බර ගැන සිතු අයවැයක් - ජනපති

Published in පුවත්
Monday, 20 November 2023 10:23

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය පසුගියදා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද සඳහන් කළේය.

මෙහිදී ණයගැතිභාවය පිළිබඳ ගැටලුවේ සංකීර්ණත්වය වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ සඳහා තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් ණයහිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර සහයෝගීතාවක් ඇති කර ගත යුතු බව ද සඳහන් කළේය.

අනාගතය දෙස බලමින් දිගුකාලීන වර්ධනයක් සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

තමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ එක්ව එළිදක්වන ලද හවුල්කාරීත්ව දැක්ම තුළ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඩිජිටල්කරණයේ දී අද ඉන්දියාව ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති බවත්, එම ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

ආර්ථික වර්ධනයේ දී මෙන්ම ඵලදායී රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණයේ දියුණුව අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

යූඑන්පීකාරයෙකු ලෙස අභිමානයෙන් මැරෙන්න යන මන්ත්‍රී කවුද?

යූඑන්පීකාරයෙකු ලෙස අභිමානයෙන් මැරෙන්න යන මන්ත්‍රී කවුද?

"සජබ සමඟ සිටින එජාපයේ හිටපු ප්‍රබලයෙක් පසුගියදා 'මගේ දේශපාලන ජීවිතයේ අවසාන අරමුණ යූ එන් පී කාරයෙකු ල...

හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ   

හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ  

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොද...

රොෂාන්ගේ නීතිවිරෝධී වැඩ නිසා ජනපති රනිල්ගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි

රොෂාන්ගේ නීතිවිරෝධී වැඩ නිසා ජනපති රනිල්ගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි

උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂ විසින් ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවී ලිපි ඉදිරිපත්කිරීමට ගන්නා ලද සියල...

ICC ප්‍රධානීන් මුණගැසීමට ගිය උපාලිවයි රඛිතවයි ආපසු හරවා එවයි

ICC ප්‍රධානීන් මුණගැසීමට ගිය උපාලිවයි රඛිතවයි ආපසු හරවා එවයි

ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සඳුදා දිනයේදීය අධිකරණයේ විභාගයට ගැනුණි. ඒ අතර...

අනං මනං

Connet With Us