න්‍යෂ්ටික බලාගාර ඉදිකරන්න රජය සූදානමින්

Published in පුවත්
Monday, 20 November 2023 10:30

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය වීමේ පියවරක් ලෙස ලාභ විදුලි උත්පාදනයන් සෙවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීම සඳහා ඇති උනන්දුව ප්‍රකාශ කරන ලෙස සැපයුම්කරුවන්ගෙන් බලශක්ති ඇමැතිවරයා ඉල්ලා සිටියි.

 රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව විදුලිය ලබා දීමේ ඇති අවශ්‍යතාව මත සහ දිගුකාලීන ජනන සැලසුම්වල කොටසක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සුරක්ෂිතව භාවිත කිරීමට යොමුවීම සම්බන්ධයෙන් රජය බලාපොරොත්තු තබා සිටින බවත් න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අභිලාෂ (EOIs) කැඳවනු ලබන බව ත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘එක්ස්’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

න්‍යෂ්ටික බලශක්ති ඒකාබද්ධ කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් ව්‍යුහගත කිරීමට හා එය ආරක්ෂිතව භාවිත කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇත.

තවද අඛණ්ඩ විදුලිබල සැපයුමක් 2032 වන විට මෙරට ස්ථාපිත කිරීම සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා එහි දී සඳහන් කර ඇති අතර කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ප්‍රවාහන කටයුතු ඇතුළු රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වෙන බවත් එම වැඩසටහන් සඳහා න්‍යෂ්ටික විදුලි සැපයුම ඉතා යෝග්‍ය බවත් ඔහු  පැහැදිලි කර තිබේ.

ඒ අනුව මේ සියලු කටයුතු සඳහා වන විදුලි බල අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස මෙගාවොට් 400ක පමණ බලශක්තියක් ජනිත කෙරෙන පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ද බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව, පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම බව ද ඔහු පැවසුවේය..

දිවයිනේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය වන්නේ ආනයනික තෙල්, ගල් අඟුරු සහ ජල විදුලිය බව ත් 2030 වන විට සිය විදුලියෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර න්‍යෂ්ටික බලශක්ති මිශ්‍රණය සඳහා අඩු කාබන් විකල්පයක් ලෙස දකින බව ත් ඔහු සඳහන් කළේ ය.

එමෙන්ම රුසියාව, එක්සත් ජනපදය, ඉන්දියාව සහ සමහර යුරෝපීය රටවලින් ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාර පිරිනැමීම් තක්සේරු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

Last modified on Monday, 20 November 2023 11:39

Leave a comment

 

ld add copy

Gossip

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය...

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉ...

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු,  දැන් වියරුවෙන්.

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු, දැන් වියරුවෙන්.

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ග...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us