රට පුරා පාසල් අවදානම් තත්වයක !

Published in පුවත්
Friday, 17 November 2023 13:36

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක අවදානම් තත්ත්වයේ ඇති ගොඩනැගිලි සහිත පාසැල් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් පවසනවා.

ගුරු සංගම් ද පැවසුවේ ඇතැම් ගොඩනැගිලි අවදානම් තත්ත්වයකට පත් වී දැනට සැලකිය යුතු කාලයක් ද ගතව ඇති බවයි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් සොයා බලන බව අමාත්‍යංශය පවසන අතරඒ අනුව අබලන් තත්වයේ පවතින එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පාසල් පරිසරයක් සෑම පාසලකට ඇතිකළ යුතු බවද දැනුම් දී තිබේ.

මේ අතර හෝමාගම ජනාධිපති විද්‍යාලයේද ප්‍රාථමික පංති (03, 04,05) පවත්වාගෙන යනු ලැබූ තෙමහල් ගොඩනැගිල්ලද ඉතා අබලන් තත්වයේ පසුවන අතර, එය ඉදිකර ඇත්තේ මීට වසර 26 කට පමණ පෙර බවද තොරතුරු වාර්තා වේ. පසුගිය දා මෙම ගොඩනැගිල්ලේ වහලයෙන් කොටසක් අසල නිවසක් මතට කඩා වැටී ඇති බවද වාර්තා වේ.තාවකාලිකව දරුවන් එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර මේ වනවිට ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබුණද එහි ප්‍රමිතිය පිළිබඳ විශාල ගැටලු පවතින බවයි වාර්තාවේ.


දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජය දැඩි අවධානයකින් හා වගකීමකින් කටයුතු කළ යුතු බවයි ලංකා ගුරු සේවා සංගමය පැවසුවේ.  එහි ලේකම් මහින්ද ජයසිංහ පවසා සිටියේ පාසල් නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොවීම හේතුවෙන් පාසැල් රැසක ගොඩනැගිලි සහ ස්ථාන මේ වනවිටත් අනතුරුදායක මට්ටමේ පවතින බවයි. 

පාසල් තුළ පවතින අඩු පහසුකම් හේතුවෙන් දරුවන් පාසැල් තුලදී අනතුරුවලට ලක්වීමේ තත්ත්වයන් වැළැක්වීමට රජය වගබලා ගත යුතු බවත් රජයේ මැදිහත්වීම අඩු වීම හේතුවෙන් වර්තමානයේ බොහෝ පාසල්වල නඩත්තු කටයුතු මව්පියන් පිට පැටවී ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ වැඩිදුරටත් පැවසුවේය.

මේ පිළිබද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අවදානම් තත්ත්වයේ ඇති ගොඩනැගිලි සහිත පාසැල් 74 ක් පිළිබඳ දැනටමත් දැඩි අවදානයක්  යොමු කර ඇති බවත් ඒවායේ පිළිසකර කිරීම් හැකි උපරිමයෙන් ආරම්භ කර ඇති බවත්ය.

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us