අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තෙට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අද (22 වැනිදා) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්කිරීමට එරහිව හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මස 07 සිදුකිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර ඇත.

බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සිය කැමැත්ත පළකර තිබේ.

දැවි තෙල් ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන පස් වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබේ.

ld add copy

Connet With Us