අයවැය ගැන තිස්සට සුභවාදී නැහැලු ! සියඹලාපිටියගෙනුත් උත්තරයක් !

Published in පුවත්
Monday, 13 November 2023 09:14

ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය සම්බන්ධයෙන් තමන්ට සුභවාදී අදහසක් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

පසුගිය අයවැයට සමගාමීව 2024 අයවැයත් ඉදිරිපත් විය යුතු වුවත් ජනතාවට බරක් නැති අයවැයක් ගැන බලාපොරොත්තුවක් නැති බවයි අත්තනායක කියාසිටියේ.

අයවැයෙන් බලාපොරොත්තු වන්නේ ආර්ථිකයට ඉදිරිපියවරක් තැබීම වුවත් එවැනි දිශාවක් මෙවර අයවැයෙන් පෙන්නුම් නොකරන බවද හෙතෙම සඳහන් කර ඇත.

මේ අතර මෙවර අයවැය ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නොමැති බවත් , ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සමස්ථ ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා , ඒ සියල්ලට වඩා මෙතෙක් කළත් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වන විට රජයට නොමැති බවත්, සීමිතව ඇති එම අයිතිවාසිකම උපයෝගී කරගනිමින් දේශිය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම වට්වමක රඳවා ගැනීමේ අභියෝගටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කළ බවද එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් සහන අවශ්‍ය දිලිඳු ජනතාව කෙරෙහිද වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයද ධණාත්මක තැනකට පැමිණ ඇති බවත්, පැලැස්තර ක්‍රමවේද වලට නොගොස් ජාතියක් විදිහට සැවොම එක්ව නැගීටීමට පෙල ගැසෙන ලෙස ජනතාවට ආරාධනා කරන බවද ඔහු පවසා තිබේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us