කඳුකරයේ ජනතාව අය වැය පිළිගන්නවා -ජීවන් තොණ්ඩමන්

Published in පුවත්
Tuesday, 14 November 2023 14:07

2024 අයවැය හරහා කඳුකරයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති ගනනාවක් හදුන්වා දී තිබෙන බව වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය. මෙම අරමුදල් සැපයීම සම්බන්ධයෙන් එය සාදරයෙන් පිළිගන්නා බවත් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ රට සහ ආර්ථිකය කඩාවැටීම යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත් අර්බුදකාරී කාලවලදී පවා මිනිසුන්ට ප්‍රයෝජනවත් විය හැකි යෝජනා බොහොමයක් තිබෙන බවය.

''කදුකර ජනතාව වෙනුවෙන් අය වැයෙන් වෙන් කළ ව්‍යාපෘති ලෙස විශාල වතුකරයේ ජීවත්වන ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා මූලික පියවරක් ලෙස රුපියල් බිලියන 4ක් වෙන් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. උඩරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් සම්බන්ධ කර ගනිමින් දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා සමාජ සංවර්ධන වැඩසටහනක් 2024 දී ආරම්භ කරනවා. 2024 දී රුපියල් බිලියන 10ක් වෙන් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා.

මධ්‍යම පළාතේ පිහිටුවීමට නියමිත විශ්වවිද්‍යාල පිළිබඳ තොරතුරු ද ජනාධිපතිවරයා නිකුත් කර තිබෙනවා. නුවරඑළියේ දැවැන්ත සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් පිහිටුවනවා. කොත්මලේ දේශගුණයට සම්බන්ධ විශ්වවිද්‍යාලය සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල දෙකක් ළඟදීම ආරම්භ කරනවා.

ඒ හා සමානව, ඉන්දියාවේ චෙන්නායි හි IIT විශ්ව විද්‍යාලයේ අනුග්‍රහය යටතේ මහනුවර නව තාක්ෂණික විශ්ව විද්‍යාලයක් පිහිටුවනවා. මෙවැනි නව විශ්වවිද්‍යාල සමඟ මධ්‍යම පළාත උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. මෙමගින් කඳුකරයේ තරුණ තරුණියන්ට අධ්‍යාපන හා රැකියා අවස්ථා වැඩි වෙනවා." යනුවෙන් ද ඇමැතිවරයා පැවැසීය.

Last modified on Tuesday, 14 November 2023 16:27

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us