මුද්‍රිත බිල්පත් ක්‍රමය නතර කර බිල්පත විදත් ලිපිනයට ලබා දීම ඇරැඹේ

Published in පුවත්
Wednesday, 15 November 2023 09:57

මුද්‍රිත බිල්පත් ක්‍රමය මුළුමනින්ම නතර කිරීමේ අරමුණින් පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත විදත් ලිපිනයට ලබා දීමේ වැඩපිළිවෙළක් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ආරම්භ කර තිබේ.

මෙම වැඩපිළිවෙළට ලියාපදිංචි වීමට ebil.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමු කිරීමෙන් හැකියාව ලැබේ.

ඒ සඳහා ඔබගේ දුරකතන අංකයෙන් EBILL<හිස්තැනක්> විදුලි ගිණුම් අංකය <හිස්තැනක්> විදත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමු කළ යුතුය.

දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලද මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ද ඊ-බිල්පත් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයන් වෙත සැපයීම අරමුණ වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us