බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරටට ඉන්ධන ආනයනයේදී බොරතෙල් බැරලක් ඩොලර් 286ක මුදලකට මිලදී නොගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අලුත් අවුරුදු හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බස් රථ සේවාව අද සිට ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

2026 වර්ෂයේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති අතර 2026.04.30 දින වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් ප්‍රකාශය මගින් දන්වා තිබේ.

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත අද (17) පූර්ව භාග 5.38ට යෙදී තිබෙනවා.

ld add copy

Connet With Us