ශ්‍රී පාද වන්දනා සමය අවසන්

Published in පුවත්
Sunday, 31 May 2026 08:09

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබේ.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේ, වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබු බවය.

ශ්‍රී පාද උඩ මළුවේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ මාර්ග 4ක් ඔස්සේ පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහරෙන් වැඩම කරවීම සිදුකෙරෙන බවයි බෙංගමුවේ ධම්මදින්න හිමි කීය.

ඒ අනුව රත්නපුර මාර්ගයේ පෙරහර ශ්‍රී පාද උඩමළුවේ සිට ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා අද (31) අලුයම ගමන් කෙරුණි.

එසේ වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us