අදත් පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කර තබන්න

Published in පුවත්
Sunday, 31 May 2026 08:20

හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටී.

පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීම සඳහා ස්වේඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (30) දිනයේ පැය කිහිපයක් සඳහා විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුවිය.

මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳ වැටීම් වාර්තා විය.

වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකතනය කළ කාලසීමාවට වඩා ශීඝ්‍රයෙන් පහළ යාම හා සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඊයේ ජාතික පද්ධතියේ අසමතුලිතතාවක් නිර්මාණය වූ තිබුණි.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ දිනයේද ප.ව. 3 දක්වා වහල මත සූර්ය පැනල සවි කර ඇති හිමිකරුවන්ට එම සූර්ය පැනල ස්වෙච්ඡාවෙන් විසන්ධි කරන ලෙසයි ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ නමුත් ඊයේ ප.ව. 2.15ට පමණ වනවිට විදුලිය විසන්ධි කළ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us