රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් සාකච්ඡා ආරම්භ කර ඇතත්, ඒ සම්බ­න්ධ­යෙන් මෙම වසර තුළ අව­සන් තීර­ණ­ය­කට එළ­ඹී­මට නොහැකි වනු ඇතැයි රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි.

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු මේ දිනවල ත්‍රිකුණාමල ඇතුල් වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් ගොඩ ගසා තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Monday, 03 November 2025 08:02

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාසික මිල සංශෝධනය අනුව නොවැම්බර් මාසයේ දී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි.

අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කෙරේ.

ld add copy

Connet With Us