ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් 2024 ජූනි 10 දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. Grayline 1 සහ Grayline 2 අංගනවල අතිකාල සේවයෙන් ඉවත්වීමට රේගු නිලධාරීන් මේ වන විටත් කටයුතු කර ඇත.

 

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම අද (10) සිදු කෙරුණි.

අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ ආරාධනාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි.

මෙරට මාසික බිත්තර නිෂ්පාදනය වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් පවසා තිබේ.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග සාකච්ඡාවක් ලබාදී තිබේ.

පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක් වුවද කීරි සම්බා හිඟය මූලික කර ගනිමින් ඇතැම් ප්‍රදේශවල කීරිසම්බා සහල් කිලෝවක් රු. 345-360ත් අතර මුදලකට අලෙවි කරමින් පවතින බව වාර්තාවේ.

අපරාධ මැඩලීමේ පියවරක් ලෙස ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවල දර්ශන එම ස්ථානවල හිමිකරුවන්ගේ කැමැත්ත ඇතිව නිරීක්ෂණය කිරීම ළඟදීම ඇරඹීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටියි.

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

Connet With Us