රනිල්ගේ ‌ආරාධනය මෝදි පිළිගනියි

Published in පුවත්
Monday, 10 June 2024 14:25

මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ ආරාධනාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි.

මෙම ආරාධනාව සිදු කර ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති විශේෂ හමුවකදීයි.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන අගෝස්තු මාසයේදී සිදු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.කේ ජයශංකර් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබේ.

යළිත් වරක් අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ජයෂංකර් මහතාට සුභ පැතුම් ද පළ කර තිබේ.

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය ගැන පැවති සාකච්ඡාවේදී ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර ඇති ජයෂංකර් ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කරනු ලැබූයේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුළත් වන බවය.

එසේම සත්‍ය හා ප්‍රතිසන්ධාන පනත ලබන ජුලි මාසය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයෂංකර් මහතා හමුවේ පවසා තිබේ.

කෘෂිකර්ම නවීකරණය ගැන පැවැති ද්වීපාර්ශවික සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන්ද ඉක්මනින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවටද එකඟතාවයකට එළැඹ තිබුණි.

වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට්මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණුවට පත්කිරීමට හැකියාව ලැබෙන්නේ යැයිද සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us