අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට පියවර

Published in පුවත්
Monday, 10 June 2024 17:42

අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසා ඇත්තේතේඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන සමඟ එක්ව පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවය.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (10) දින සහභාගී වෙමිණි.
අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

තෙත් බිම් සංරක්ෂණයත්, තෙත් බිම් ආරක්ෂා කිරීම, ඒ හා බැඳී පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ඒ තුළින් පරිසරයේ සමතුලිත බව ඇති කිරීම, පරිසරයට එල්ල වී තිබෙන ගෝලීය අභියෝගයන් සඳහා ආදර්ශමත් රටක් ලෙස මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සියළු දැනුම ඒකාරාශී කරන වැඩපිළිවෙලක් සකස් කිරීම මේ පොදු සම්මූතිය හරහා බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us