එළවළු මිල තීරණය කිරිමේ මාෆියාව අතරමැදියා විසින් පවත්වාගෙන යන බව ජාතික ගොවිජන එකමුතුව විසින් පවසා සිටියි.

දින හතළිස් හයක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

රාජ මාතාව,රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රියන් හට දුලබ නොවෙති. නමුත් යම් ස්ත්‍රියක් හට ''ගෞතම බුද්ධ මාතා” යන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභය. ආත්ම කල්ප ගණනක් පෙරුම් පුරාගෙන විත් බුදුවන සිදුහත් කුමරුන්ට සිය මව් කුසය දුන් මහාමායා දේවිය හැරුණු කොට ඒ දුර්ලභ වාසනාව උදාවූයේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට පමණක්මය. ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.

අද මාළු මිල මෙන්න

Published in පුවත්
Saturday, 15 June 2024 12:19

අද ත්‍රිකුණාමලය මාලු තොග මිල kg1ක්

ශ්‍රී ලංකාව ඇතුළේ කාලයෙන් කාලයට නිර්මාණය වෙන රැලි කියන්නේ ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගත්තම එය රැලිම විතරක් නගන මුහුදක ඇදෙන නෞකාවක් වගේ. ඒ ඒ කාලවලට රාජ්‍ය යාන්ත්‍රණයට බලපෑම් කළ හැකි රැලි දිගින් දිගටම නිර්මාණය වෙනවා වගේම ඒවායේ බලපෑමට මුහුණ දෙන්න මේ නෞකාවට සිද්ද වෙනවා. මේ මොහොතේ වැටුප් අළලා සිද්ද කෙරෙමින් තිබෙන වැඩ වර්ජන රැල්ලත් එයින් එකක්.

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව ඖෂධ සැපයීමට විශේෂ බලපත්‍ර 286ක් පසුගිය කාලයේ එක්තරා පෞද්ගලික සමාගමක් වෙත ඖෂධ නියාමන අධිකාරියේ බලධරයන් විසින් නිකුත් කර ඇති බව වාර්ථාවේ.

මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Connet With Us