කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.

පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ තිබෙන අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ලබන මාසයේ දී ජනතාව වෙත ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කීය.

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය.

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සහ සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස යළි ජනපති වන බවට පැහැදිලිව ගණන් බලා තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.

දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ජූනි මස 19 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Connet With Us