Geo- Goviya නිසා ගොවිතැනේ නව පෙරළියක්

Published in පුවත්
Monday, 17 June 2024 13:10

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙරට කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යට‌තේ Geo- Goviya නැමැති යෙදවුම හඳුන්වා දී තිබේ.

මෙම යෙදවුම මගින් ‌ ගොවීන්ට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය දැනුම මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු ද අන්තර්ගත කර ඇත.

මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනට ශ්‍රී ලංකාවේ ඇති සියලුම කුඹුරු ඉඩම් Geo- Goviya යෙදවුම යොදාගනිමින් නිවැරදිව සිතියම් ගත කිරීම අරඹා තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් මෙම යෙදවුම මගින් මැනීම් කටයුතු අවසන් කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.91කි. එමෙන්ම ගොවීන් මිලියන 1.38ක් මෙම යෙදවුම මගින් ලියාපදිංචි වී ඇත.

Geo- Goviya යෙදවුම මගින් කුඹුරු මැනීම නිවැරදිව සිදු කර ඇති නිසා දැනට ගොවීන් සතුව පවතින ඉඩම්වල සත්‍ය ප්‍රමාණය නිවැරදිවම සටහන් කර ගැනීමට හැකි වී ඇති අතර ඔප්පුවල සඳහන් වන ඉඩම් ප්‍රමාණයන් බොහෝ විට පවතින ඉඩම් හා නොගැලපෙන බවක් පෙනී යයි.

කෙසේ වුවද මේ නිසා වගා හානි වන්දි ලබා දීමේ දී මෙන්ම පොහොර සහනාධාර හා වෙනත් ආධාර ලබා දීමේ දී Geo- Goviya යෙදවුම මගින් සනාථ කර ඇති ඉඩම් ප්‍රමාණයට එම සහනාධාර ලබා දීමට කටයුතු කර ඇත.

මේ අනුව Geo- Goviya නිසා පසුගිය වසරේ දී රුපියල් මිලියන 573ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකි වී ඇති බව අමාත්‍යංශය නිවේදනය කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us