News Items (18842)
යුද්ධයට සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බලන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය.
ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රටවල් රැසක කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සත්ව නිෂ්පාදන ආනයනය සීමා කර තිබේ.
අධ්‍යාපන අනධ්‍යයන සේවකයෝ ලෙඩ වෙද්දී පාසල් කටයුතු සාමාන්‍ය පරිදි
අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ.
අද (24) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
විදේශිකයන්ට ජපානයෙන් රස්සාවත් එක්ක ස්ථිර පදිංචිය. ලංකාවටත් අදාලයි.
සකුරා මලින් පිරි සුන්දර ජපානය වරෙක හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් සුන්නද්ධූලි වී ගියේය. එහෙත් ගල්පර දැක නොනවතින ගඟක් සේ යළි සංවර්ධිත රටක් ලෙස නැගී සිටීමට තරම් ඔවුහු ශක්තිවන්ත වූහ. එබඳු සුන්දර ජපානයට අපේ රටේ බොහෝ දෙනා මෙන්ම ලෝකයේ වෙනත් රටවල්ද ආදරය දක්වනුයේ එහි ඇති සුන්දරත්වය සහ විනයවත් බව නිසාමය. එවන් රටක රුකියාවක් ලැබේ නම් ප්‍රතික්ෂිප්ත කරන්නකු සිටී යැයි විශ්වාස කළ නොහැකිය.
අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
