ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ.

වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය.

ත්‍රස්‌ත විමර්ශන කොට්ඨාසය විසින් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ.

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා තිබේ.

මෝසම් වර් ශාවත් සමඟ ඩෙංගු රෝගය වාර් තා වීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි‍.

වහළ මත සවි කළ සූර්ය පැනල සහ භූමිය මත සවිකළ සූර්ය පැනල හරහා මේ වසරේ ජුනි මාසය වනවිට සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද(28) ආරම්භ වෙයි.

Connet With Us