ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය සහන පැකේජයේ තුන්වෙනි වාරිකයත් මෙරටට පසුගියදා ලැබී තිබිණි.ඒ මුල්‍ය අරමුදලේ නිර්දේශයන් සෑහීමකට පත් වන ලෙසින් ක්‍රියාත්මක වීම තුළය. ඒ අතර මෙරටට තිබු විශාලම අභියෝගය වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් අදියරක් සම්පූර්ණ කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා ඇති බව  විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.

පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාව අද (27) සමත්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.

ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ එකම විකල්පය බව අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

Connet With Us