ගුරු - විදුහල්පතිවරුන් අදත් ලෙඩ වෙද්දී  සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙයි

Published in පුවත්
Thursday, 27 June 2024 09:13

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

කොළඹ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය හමුවේ මෙම විරෝධය පළ කරමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වුණි.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26) දිනයේත් ගුරු - විදුහල්පති වෘත්තීය සමිත වැඩවර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු ඇණහිට තිබිණි.

කෙසේවෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු නොවැළැක්විය හේතුවක් මත සිදුනොකරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පවසයි.

ඒ අනුව දෙවන අදියරේ ඇගයීම් කටයුතු හෙට (28) දිනයේ සිට ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.

Last modified on Thursday, 27 June 2024 09:17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us