News Items (18842)
කොළඹ ප්‍රදේශ රැසකට අද (29) පෙරවරු 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.
අභියෝග ජයගත් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියේදී රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි - ජනපති
තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව - මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රබලයා යළි ලංකාවට
ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාප නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා (Robert Kaproth) ලබන සතියේ යළි ශ්‍රී ලංකාවට පැමිණේ.
ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබේ.
අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන්න ජපානය සැරසේ
ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි.
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කරන පනත ලබන මස පාර්ර්ලිමේන්තුවට
නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාල පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
තරුණයෙකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී බරපතල වැඩ ඇතිව තෙවසරක සිරදඩුවමක් නියම වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.
රට බංකොලොත්භාවයෙන් අත් මිදුනාය කියා රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් වීම විපක්ෂයට දරා ගැනීමට නොහැකිව ඇති බව පැහැදිලියි. විපක්ෂ නායකයාම කියල තිබුණා. 'බංකොලොත්භාවයෙන් මිදීම තීන්දු කරන්නේ රටේ පාලකයා පුරවැසියා නොව ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවත් මෙම ආයතන විද්‍යාත්මකව සංඛ්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව මේ ගැන සොයා මුල්‍ය වපසරිය ආර්ථික පසුබිම ක්‍රියාත්මක වෙන ආකාරය සොයා බලා එහි ධනාත්මක හා සංඛ්‍යාත්මකව පැති සංසන්දනය කර බංකොලොත්භාවයෙන් ගොඩ ආවාද නැද්ද කියා තීන්දු කරන බවය.
