කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 15ක ජල කප්පාදුවක්

Published in පුවත්
Saturday, 29 June 2024 09:06

කොළඹ ප්‍රදේශ රැසකට අද (29) පෙරවරු 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ , දෙහිවල , ගල්කිස්ස , කෝට්ටේ , කඩුවෙල නගර සභා බල ප්‍රදේශ , මහරගම ,බොරලැස්ගමුව කොලොන්නාව නගර සභා බල ප්‍රාදේශ සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 15ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

මොරටුව මහ නගර සභා බල ප්‍රාදේශයට එම කාල සීමාව තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය දැනුම් දෙයි.

විදුලි බලය මගින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නවිකරණ කටයුත්තක් හේතුවෙන්, අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමීව සිදුකරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us