ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රබලයා යළි ලංකාවට

Published in පුවත්
Friday, 28 June 2024 20:09

ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාප නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා (Robert Kaproth) ලබන සතියේ යළි ශ්‍රී ලංකාවට පැමිණේ.

මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් නිල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත්ගේ ඉදිරි සංචාරය හෙළි කර ඇත.

කප්‍රෝත්ගේ සංචාරයේදී මූල්‍ය අංශයේ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, මූල්‍ය ක්ෂේත්‍රවල ප්‍රධානින් සහ බුද්ධි මණ්ඩප නියෝජිතන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ද මෙරටට පැමිණි රොබට් කප්‍රෝත් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ඒහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳව එක්සත් ජනපද නියෝජ්‍ය භාණ්ඩාගාර සහකාර ලේකම්වරයා ජනාධිපතිවරයා සහ රජයේ නියෝජිතයන් සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානින් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කර තිබිණි.

එමෙන්ම මේ අතර තුර කාලයේදී තවත් අවස්ථා ගනනාවකදී මෙරට ප්‍රධානින් සමඟ ඔහු මෙරට ආර්ථික ප්‍රකෘත්තිය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us