නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කරන පනත ලබන මස පාර්ර්ලිමේන්තුවට  

Published in පුවත්
Friday, 28 June 2024 13:00

නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාල පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එසේම ඇතැම් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරන බවත් දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවැසිය.

අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සදහම් ගුරු උවසර ගාල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසැල් ගුරුවරයෙකු ලෙස ගුණ නැණින් පිරිපුන් දැයක් ගොඩ නගන්නට 25 වසරකට වඩා කැප වු සුදුසුකම්ලත් දහම් පාසැල් ගුරුවරුන් 361 දෙනෙකු සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු තනතුරු පිරිනැමීම වෙනුවෙන් ගාල්ල Hall Galle De Hall ශාලාවේ පැවති උත්සවයටකට එක්වෙමිනි.

" අද රාජ්‍ය සේවය තුළින් හොද සේවයක් සිදු නොකරන බවට ඇතැම් අය විවේචනය කරනවා. එහෙත් එම අදහස නිවැරදි නැහැ. කිහිප දෙනෙක් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරනවා.

අල්ලස් හා කොමිස් ගැනීම් නතර කිරීමට ශක්තිමත් නව අල්ලස් කොමිසමක් පත් කර තිබෙනවා. අපරාධවලින්, නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාල පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පසුගිය මාස කිහිපය තුළ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අදාල පනත් 75 ක් සංශෝධනය කිරීමට කටයුතු කළා.

මේ රට ගොඩ නගන්න ශක්තිමත් නීති රාමුවක් අවශ්‍යයි. අපි එය පසුගිය කාලය තුළ සිදු කළා. ලෝකයේ දියුණු වු සියලු රටවල් සංවර්ධනය වීමට නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම මුලික හේතුව වුණා. දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍යයි.

රටක පාලකයින් රටේ නීතිය නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්නේ නම් රට දියුණු කිරීමට ජනතාව යොමු වෙනවා. අද මේ රටේ අධ්‍යාපන පද්ධතිය තුල දැවැන්ත කඩා වැටීමක් තිබෙනවා. ඒ සදහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයින් 300 දෙනෙකු ආතතියෙන් පෙලෙන බවට වාර්තාවක් තිබුණා.

ඒ තුළින් මේ රටේ අධ්‍යාපන තත්වය ගැන පැහැදිලියි. රටේ පාලකයින් වේවා ආයතන ප්‍රධානීන් වේවා ඡන්දය , ද්වේශය, භය, මෝහය යන සතර අගතියෙන් කටයුතු කරන්නේ නම් ඒ රට ආයතනය පරිහානියට පත් වෙනවා. සතර අගතියෙන් තොර ගුණවත් නැණවත් නායකයින් බිහි කිරීමට දහම් පාසැල් ගුරවරුන් විශාල කාර්යභාරයක් කරනු ලබනවා.

මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති නැවතත් කන්නන්ගර ප්‍රතිපත්ති අනුව සකස් විය යුතුයි. අපේ රටේ අධ්‍යාපනය කන්නන්ගර මැතිතුමා වහල් භාවෙයන් මුදවා ගත්තා. නමුත් අපේ රටේ අධ්‍යාපන නැවතත් වහල්භාවයට පත්වෙමින් තිබෙනවා. ඇතැම් අය පාසැල් තමන්ගේ බුදලයක් යැයි කල්පනා කරමින් කටයුතු කරනවා. දහම් පාසැල් මේ රටේ දරුවන් වෙනුවෙන් නිරායාසයෙන් කරනු ලබන සේවයට සමාජයේ නිසි පිළිගැනීමක් සිදු වෙලා නැහැ."

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us