අධිවේගී මාර්ගයේ ටිකට්පත් කවුළු වැසේ ! භාවිතා කරන්නන්ට නොමිලේ ගමන් කරන්න අවස්ථාව

Published in පුවත්
Friday, 28 June 2024 11:28

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පවසනවා.

ටිකට්පත් නිකුත් කරන සේවකයන්ගේ හිඟයක් ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ටිකක් පත් නිකුත් නොකරද එම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට බාධාවක් නොමැති බවයි දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ.

එලෙස අතුරුගිරිය පිවිසුමෙන් ඇතුළු වූ බව පිටවීමේ පර්‍යන්තයේදී පැවසීමෙන් අනතුරුව මුදල් ගෙවීමට හැකියාව තිබේ.

කෙසේ වෙතත් අතුරුගිරිය පිටවීමේ පර්‍යන්තයේදී මුදල් අයකිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පැවසෙන්නේ.

මෙම සේවක හිඟය මෙම සතිය තුළ පියවීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි සේවයේ නියුතු මුදල් අයකැමිවරුන් 22 සේවය පසුගියදා අත්හිටු වූ බවයි. පසුගිය ජනවාරි හා පෙබරවාරි මාස වල මෙම මූල්‍ය වංචාව සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us