මෙලෙස විරෝධයක් සංවිධානය කර ඇත්තේ අධ්යක්ෂ මණ්ඩල නිර්දේශ කළ සාමුහික ගිවිසුම් යෝජනා භාණ්ඩාගාර නිලධාරීන් විසින් කප්පාදු කිරීමට එරෙහිවයි.
ඒ අනුව අද දහවල 12.30 සිට 01.30 දක්වා කාලය තුළ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී මෙම කළු විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.
මෙම සාමූහික ගිවිසුම් කප්පාදුවට එරෙහිව මීට පෙරත් රාජ්‍ය බැංකු වෘත්තීය සමිති විසින් විරෝධතා මතු කළද රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු නොකිරීම මෙලෙස කළු විරෝධයක් දක්වා එය දිගුවක් වීමට හේතු වී තිබේ.