ඉදුණු අමු මිරිස්වලින් අයිස්ක්‍රීම්

Published in පුවත්
Friday, 28 June 2024 11:44

මඳක් ඉදුණු අමු මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කර බවට පුවතක් වාර්තාවේ.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික සහයෝගය ද ඇතිව මෙලෙස මිරිස්වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර ඇත්තේ වැලිමඩ පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක විසිනි.

කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්‌යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (27 වැනිදා) පැවැති වැඩසටහනකදී ලසන්ත රුවන් ලංකාතිලක විසින් සිය නිෂ්පාදනය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වෙත මෙය හඳුන්වා දී තිබේ.

ගල්කිරියාගම සහ වැරනියා යන මිරිස් ප්‍රභේද දෙක දෙමුහුන් කර සකස් කරන ලද Mich Hy 1 මිරිස් ප්‍රභේදයේ සාමාන්‍යයෙන් ඉදුණු මිරිස් පල්පයක් ආකාරයෙන් සකසා එළ කිරි, සීනි ඇතුළු විවිධ අමුද්‍රව්‍ය යොදා මෙම අයිස් ක්‍රීම් වර්ගය සකස් කර ඇත.

ලසන්ත රුවන් ලංකාතිලක පවසා සිටින්නේ මෙම නව නිෂ්පාදනය සදහා පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කර තිබෙන බවත් අයිස් ක්‍රීම් කුඩා කප් එකක් (යෝගට් කෝප්පයක ප්‍රමාණය) රුපියල් 100 කට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us