බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

දේශපාලනයේ කඳවුරු බේදීම සාමාන්‍ය‍ය දෙයකි. මැතිවරණයක් ආසන්න වෙද්දී කඳවුරු බෙදිල්ලත් සාමාන්‍ය දෙයකි.පසුගිය කාලයේ මේ කඳවුරු බෙදිල්ල විවිධ දේශපාලන ආර්ථික මතිමතාන්තර සමඟ විවිධ විග්‍රහයන්ට පාත්‍ර වෙමින් තිබිණි. දක්ෂිණාංශක කඳවුර සහ වාමාංශික ජාතිකවාදී කඳවුර එහෙම වූ ප්‍රසිද්ධ බෙදිල්ලකි.

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම සදහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට රජය තීරණය කර ඇත

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම මොහොත වන තුරුත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දීමක් කර නැත.

ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරිත්වයේ 75 වැනි සංවත්සරය ලංකාවේ පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉන්දියාවේ මෑතකාලීනව වාර්තා වූ කුරුළු උණ (H9) සිද්ධීන් සැලකිල්ලට ගනිමින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අපි රෝගය පිළිබඳ අපගේ දැනුම යාවත්කාලීන කළ යුතු අතර එවැනි රෝග වාර්තා වීමක් සිදුවුවහොත් වගකීමෙන් ක්‍රියා කළ යුතුය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, එම තොරතුරු තමා වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

Connet With Us