ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැති සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය – ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (24) උපදෙස් දී තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ගාසා යුද්ධය අතරතුර පලස්තීන ළමයින් 21,000ක් ආගිය අතක් නොමැති බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පළකළ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය මත Fitch ශ්‍රේණිගත කිරීම්, S&P Global Ratings (Standard & Poor's) සහ Moody's Investors Service වැනි ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ශ්‍රී ලංකාවේ වත්මන් ණය අත්හිටුවීම මත ස්ථානගත කර තිබෙන default grade Sovereign credit ශ්‍රේණියේ සිට අවම වශයෙන්, සැලකිය යුතු අවදානම් (Substantial Risks) ශ්‍රේණිගත කිරීමකට උසස් කිරීමට සැලසුම් කරනු ඇති බව වාර්ථා වෙයි. බොහෝ විට 'C' හෝ 'CC' තත්ත්වයේ උසස් වීමකි විය හැකිය.

ලැබෙන්න යන සුබ ආරංචිය හමුවේ දේශපාලන බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නොහැකි බංකොලොත් හොරිකඩ  විපක්ෂ කණ්ඩායම් බරපතල ලෙස කලඹල වී ඇති බව පෙනෙන තිබේ.

එල්.ටී.ටී.ඊ.ත්‍රස්ත සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සිදු වූ අති දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය 2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයයි.

Connet With Us