සුබ ආරංචිය හමුවේ දේශපාලන බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නොහැකි විපක්ෂයක් Featured

Monday, 24 June 2024 20:38

ලැබෙන්න යන සුබ ආරංචිය හමුවේ දේශපාලන බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නොහැකි බංකොලොත් හොරිකඩ  විපක්ෂ කණ්ඩායම් බරපතල ලෙස කලඹල වී ඇති බව පෙනෙන තිබේ.

රටට විසාලා මහනුවරක්  බවට පත්වී ඉතිහාසයේ මහා ඛේදවාචකයකට මුහුණ දීමේ ඉරණමට ගොදුරුව තිබු රටක්, ඉන් මුදවා යළි සංවර්ධිත  රාජ්‍යයක සිහිනය හඹා යන රටක් බවට පත් කරමින් යන දුෂ්කර ගමනේ තීරණාත්මක සංධිස්ථානයක් පසු කිරීමේ අවස්ථාවට දැන් එළැඹ තිබේ. නමුත් මේ හමුවේ මේ ජයග්‍රාහි අවස්ථාව දරා ගැනීමට නොහැකිව සිටින කුහක තක්කඩි මජර ජාරාජීර්ණ වූ අපත කණ්ඩායම් තමන්ගේ දහදුරා ගතිය එළිපිට පෙන්වන තැනට පත්ව ඇත.

 

''...රටක් බංකොළොත් ද නැද්ද යන්න එම රටට තනිව නිවේදනය කළ හැක්කක් නොවෙයි. එය තීරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන (rating agencies) විසින්. Fitch, Moody's, සහ S&P යන ආයතන තුනට ම අනුව ලංකාව තවමත් ඉන්නේ SD (selective default) හෝ D (default) අවස්ථාවේ. එතනින් ඉහළට ආවොත් තමයි බංකොළොත් නොවෙයි කියන්න පුළුවන්. මිසක් රනිල්ට ඕනෑ ඕනෑ හැටියට ජාතිය අමතලා නොවෙයි...''

මේ කතාව තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ ගාලු මුවදොර අරගලයෙන් ගොඨාව පන්න දැමීමෙන් පසුව රට සුඛිත මුදිත වන බව ඇදහූ එම අරගලයේ අසම සම නායකයෙක් බවට පෙනී සිටින්නට උත්සහ කළ මනෝ විකාර දොඩවන්නෙකි.

මෙම කරුණුම හර්ෂ සහ මුජිබර්ද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා තිබුණු නිසා මෙය සජබයේ සැලසුම් සහගත ප්‍රචාරක වැඩසටහනක් බව අවබෝධකර ගත හැක.

මේ කියන ලෙස ජනාධිපතිවරයා ජාතිය අමතා රට බංකොලොත්භාවයෙන් මිදුන බව ප්‍රකාශ කරන්නේ නම් එය සිදු වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල කාරණා සම්පුර්ණ කර ගැනීමෙ සාකච්චා අවසන් වී එම එකඟතාවයට පිවිසීමෙන් මිසක තමන්ට ඔ්නෑ විදිහට නොවේය.. ජනාධිපතිවරයාට එහෙමට පිස්සුවක් නැත.

පසුගියදා සජබයේ මුජිබර් රහුමාන් කියා තිබුණේ මෙයට පෙරද ජනාධිපතිවරයා රට බංකොලොත්භාවයෙන් නිදහස්වූ බව පැවසූ බවය. ඒ සඳහා උපුටා දක්වන්නේ imf සංවිධානය සමග මූලික එකඟතා අවසන්වීමෙන් පසු, එම එකඟතාවය මගින් ලැබෙන පිළිගැනීම නිසා තවදුරටත් ලංකාවට ජාත්‍යන්තර ගනුදෙනු වලදී බංකොලොත්භාවය නිසා ඇතිවූ ගැටලු ඇති නොවන බවය. එදා ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරණය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පදනම සැකසුන බව පැවසීමටය. දැන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරන්නේ නම් කරන්නේ එසේ ඇරඹි ක්‍රියාවලිය සම්පූර්ණවී ණය ප්‍රතිව්‍යුහගතකරනය අවසන්ව ඇති බව පැවසීමටය.

''..ලංකා රජය ඉල්ලන්නෙ 20%-30%ක ණය කපා හැරීමක් (haircut එකක්). නමුත් ණය හිමියන් සූදානම් නෑ 10%ට ඉහළ ණය කපා හැරීමකට. ලෝකෙ වෙනත් රටවල් 50% තරම් ඉහළ හෙයාකට්ස් අරගෙන තියෙනවා. එතකොට ලංකාව මේ සාකච්ඡාව තදියමේ කරල හරියන්නෙත් නැහැ. රනිල්ට ඡන්දෙ දිනාගන්න ඕනකමට සාකච්ඡා උඩින් පල්ලෙන් කරලා ලංකාවට ගන්න පුළුවන් ඉහළ හෙයාකට් එක වෙනුවට මොකක් හෝ දෙන දෙයක් බාරගෙන සාකච්ඡා අවසාන කරන්න ඉඩ දෙන්න බැහැ.."

මේද එහෙම ලියා ඇති තවත් ගොබ්බ කතාවකි. තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමකි. නැත්නම් දැනගෙන ගහන තක්කඩි ගේමකි. ශ්‍රි ලංකා රජය සියයට 28 ක ණය කපා හැරීමක් ඉල්ලුවේ ඒ ඉල්ලීම කරන විට තිබු මෙරට ආර්ථික තත්වයන් මතය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ පුරෝකතනයන් අනුවය. නමුත් වසර එකහාමාරක් තිස්සෙ ඇදී ආ සාකච්ඡා අතර වාරයේදී මෙරට ආර්ථිකය මුල්‍ය අරමුදලේ පුරෝකතනයන් අභිබවා වර්ධනය විය. ඒ අනුව මෙරට ණය ගෙවීමේ හැකියාව පෙරට වඩා ශක්තිමත් බව ණය හිමියන්ගේ තර්කය විය. එ් අනුව ණය කප්පාදුව ඉල්ලු සීමාවට වඩා පහත දැමීම සිදුව තිබේ. ණය හිමියන් සහ ණයගැතියන් අතර සාකච්ඡා සිදුවන්නේ ජවිපෙ හදුන්නෙත්ති කියූ පරිදි අපිට ගෙවන්න විදිහක් නෑ මචං , පස්සෙ දෙන්නම් න්‍යායෙන් නොව, අපගේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ නිශ්චිත දත්ත මතය.

බංකොලොත්වීමෙන් පසු කෙටිම කාලයකින් බංකොලොත්භාවයෙන් නිදහස්වූ රට ලංකාවය. ඒ මෙරට ආර්ථිකය වඩා වේගයෙන් ශක්තිමත් වූ බැවිනි. එවන් වේගවත් වර්ධනයක් ලබානොගෙන සිටියා නම් තව බොහෝ කලක් සාකච්ඡා කරමින් සිටිය හැකිය, ලොකු හෙයාර් කට් එකක් ලබාගත හැක. හැබැයි එවිට ග්‍රීසියේ මෙන් රාජ්‍ය සේවය අඩුකිරීම, විශ්‍රාම වැටුප් කැපීම, පාසල් වැසීම වගේ කොන්දේසි වලටද යටත් වීමට සිදුවනු ඇත.

සජිත් හෝ අනුර බලයේ සිටියා නම් ,සියයට 50 ක ණය කප්පාදුවක් ලබා ගැනීමට හැකියාව තිබුණු බව නම් සත්‍යයකි, ඒ ඔවුන් රටේ ආර්ථිකය තව තවත් බංකොලොත්භාවයට පත් කරන බැවිනි.

අනෙක් කාරනය ණය ප්‍රතිවුහගත කිරීමට අදාලව, ණය හිමියන් එකඟතාවයකට එන්නේ මෙරට ණය ගෙවීමේ හැකියාව ගැන ලැබී තිබෙන තහවුරුව නිසාය. තමන්ගෙ ණයෙන් වැඩි කොටසක් ආපසු ගෙවීම ශ්‍රි ලංකාව විසින් සිදු කරන බවට වන විශ්වාස නිසාය. වසර 2 කට් පෙර රට බංකොලොත් කිව්වේ ඒ තහවුරුව සහ විශ්වාසය නොමැති නිසාය.

ඒ අනුවම මෙම එකඟතාවයෙන් කියන්නෙ රට බංකොලොත් භාවයෙන් මිදුණු බවය.
එය රටට ප්‍රකාශ කිරීමට ඉහළම සුදුසුකම තිබෙන්නෙ ජනාධිපති රනිල්ටය.

බංකොලොත් රට ඉන් මුදවා ගැනීමෙ අති දුෂ්කර මෙහෙයුමේ අසහාය නියමුවා ජනපති රනිල්ය.
ඊනියා අරගල කරුවන් සහ විපක්ෂයෙ පිරිස් දිගටම කළේ මේ ජයග්‍රහණය වැලක්වීමට තමන් දන්නා සියලු ජඩ සෙල්ලම් දැමීම පමණය.

රටේ බංකොලොත්භාවය තමන්ගේ බංකොලොත් දේශපාලන ව්‍යාපෘති බවට පත් කරගෙන සම්මාදම් දේශපාලනය කරන්නන්ට සහ බටහිර වීසා තැරැව්කරුවන්ට දැන් ආදායම් මාර්ග නැතිවීමේ බියක් ඇතිවී තිබේ.

එසේම හර්ෂ වැනි වෘත්තීය සමීක්ෂණ කරුවන්ටද නිමක් නොවන සාකච්ඡා වලින් ආර්ථික ප්‍රතිලාභ ඇත.

එහෙත් ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ හැකි ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්කර ආර්ථිකය ප්‍රකෘතිමත් වීමෙන් පමණි.

ඒ ගැන ලැබෙන ආරංචිය රටටම සුබය.

ඒ සුබ ආරංචිය 26 වෙනිදා රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට පවසනු ඇත.

WhatsApp Image 2024 06 23 at 11.16.01 ba8d4907

 

Last modified on Tuesday, 25 June 2024 08:18

Leave a comment

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

Connet With Us