2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

Published in ක්‍රීඩා
Tuesday, 25 June 2024 09:18

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැති සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය – ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

ඒ ලකුණු 24කින් ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 92ක් රැස් කළේය.

ලකුණු 206ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි.

ඒ අනුව, මෙම තරග ජයග්‍රහණයත් සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එංගලන්තය සහ ඉන්දියාව අතර අවසන් පූර්ව වටයේ තරගය ජූනි 27 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Providence Stadium, Guyana පැවැත්වීමට නියමිතයි.

Last modified on Tuesday, 25 June 2024 09:33

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us