ශාන්ත ලුසියා හි පැවති එම තරගයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ සිය ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 17.2කදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 181 රැස්කළේය.
ෆිල් සෝල්ට් නොදැවී ලකුණු 87යි.
එහිදී ඔවුන්ගේ දැවී ගියේ කඩුලු 2ක් පමණි. ඒ අනුව මෙම තරගය කඩුලු 8කින් ජයගැනීමට එංගලන්තය සමත්විය.