රට බංකොලොත් ද නැද්ද කියල කියන්නේ රේටින් ආයතන ද?   Featured

Friday, 28 June 2024 12:06

රට බංකොලොත්භාවයෙන් අත් මිදුනාය කියා රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් වීම විපක්ෂයට දරා ගැනීමට නොහැකිව ඇති බව පැහැදිලියි. විපක්ෂ නායකයාම කියල තිබුණා. 'බංකොලොත්භාවයෙන් මිදීම තීන්දු කරන්නේ රටේ පාලකයා පුරවැසියා නොව ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවත් මෙම ආයතන විද්‍යාත්මකව සංඛ්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව මේ ගැන සොයා මුල්‍ය වපසරිය ආර්ථික පසුබිම ක්‍රියාත්මක වෙන ආකාරය සොයා බලා එහි ධනාත්මක හා සංඛ්‍යාත්මකව පැති සංසන්දනය කර බංකොලොත්භාවයෙන් ගොඩ ආවාද නැද්ද කියා තීන්දු කරන බවය.

සජිත්ට මේ ලණුව ගිල්ලවූයේ කවුද යන්න අපි දන්නේ නැත.

ණය ශ්‍රේණිගත කිරීම් ආයතන රටක ණය ගෙවීමේ හැකියාවව ගැන ශ්‍රේණි ගත කිරීමක් කරන බව ඇත්තය. ඒ අනුව ජාත්‍යන්තරය රට ගැන මිම්මක් ලබා ගන්නා බවත් ඇත්තය.

නමුත් සජිත්ලා මෙන්ම අනුරලාගේ පාර්ශ්වයෙන් පවසන පරිදි රට බංකොලොත් ද නැද්ද යන්න තීරණය කිරීම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවල වැඩක් නොව එ් රටේ වැඩකි. රට ගන්නා තීන්දු අනුව ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් රට තිබෙන තත්වය අනුව අවශ්‍ය ශ්‍රේණියෙහි පිහිටුවයි.

rating

ලංකාව විදේශ ණය ගෙවීමෙ නොහැකියාව මත 2022 අප්‍රේල් මාසයේ 12 වෙනිදා ශ්‍රි ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළේ මුදල් අමාත්‍යංශය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුවය. ඇතැමුන් මෙය මහ බැංකුව ඒක පාර්ශ්විකව හිතුවක්කාරව ගත් තීන්දුවක් බවට මත පල කළත් එය සිදු වුයේ ආණ්ඩුවේ අනුදැනුම ඇතිවය. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

කොහොම නමුත් ණය ගෙවීම අත්හිටුවනවා කියන තීරණය ගැනීම සාමාන්‍යයෙන් ආර්ථික කථිකාව තුළ පිළිගන්නේ රට බංකොලොත් වීමක් ලෙසය.

නමුත් මෙම තීන්දුව ගැනීමට ප්‍රථමව හෝ ගත් සැනින් හෝ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන රට බංකොලොත් බව කිවේ නැත. ශ්‍රේණිගත කිරීමේ ගත කිරීම් බංකොලොත් තැන දක්වා පහතට හෙලුවෙත් නැත.

උදාහරණයකට කිවහොත් ‍ෆිච් රේටින් ආයතනයට අනුව 2021 දෙසැම්බර් 17 වෙනිදා ශ්‍රි ලංකාව තිබුණේ CC මට්ටමේය. මෙය ණය අවදානම් ඉහළ තත්වයක පවතී යන කාණ්ඩයය. මෙරට ණය ගෙවීමේ හැකියාවක් නැතයි නිවේදනය කිරීමෙන් පසු දින එනම් 2022 අප්‍රේල් 13 වන දින තවත් ඒක් කාණ්ඩයකට පහතට හෙලීම සිදු විය. එනම් පෙර නිමියට ආසන්නයි ( long term issuer default rating) කියන C- කාණ්ඩයය. නමුත් එයත් මුළුමනින්ම බංකොලොත් බවට ප්‍රකාශ කිරීමක් නොවේ.

එතැනිනුත් පහල කාණ්ඩයක් වන සීමා කළ පෙර නිමිය RD කාණ්ඩයට ඇද දැමීම සිදු වුයේ 2023 සැප්තැම්බර් 14 වෙනිදාය.

rating 1

නමුත් එහෙම කරලා යළි 2023 සැප්තැම්බර් 28 වෙනිදා නැවත එතැනින් ඉහළ CCC මට්ටමට ගෙන ඒම සිදු විය. දැන් එතකොටත් බංකොලොත්ව තිබු රටක ශ්‍රේණිගත කිරීම් ඉහලට දමන්නෙ ඇයි? මට්ටම් 3 කින් ඉහළට ගන්නෙ ඇයි..?

එයට ප්‍රධාන හේතුව 2023 ජුලි මාසයේදී ශ්‍රි ලංකාව සිදු කළ දේශීය ණය ප්‍රසස්තකරණය. එ් අනුව මෙරට ණය ගෙවීමේ හැකියාව යම් වර්ධනයකට පත් වීම සිදුවන බව මෙම ආයතන තීරණය කර තිබෙනවා. එනම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ සහ ඉලක්ක අනුව ඉදිරි කාලය තුළ මෙරට ණය ප්‍රමිතිය වැඩි දියුණු වන බව එම ආයතනය අපේක්ෂා කර තිබෙනවා.

මේ අනුව බැලු විට මෙම අයතන විසින් ශ්‍රී ලංකා රජය බංකොලොත්භාවයෙන් මිදුනාය කියන කාරණය කලින්ම කියා තිබෙන බවත් පැහැදිලිය.

නමුත් මෙය සිදුවන්නේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කිසිදු එකඟතාවයකට එලබ නැති මොහොතක. එනම් ලංකාවට් ණය කපා අහෙරීමක් කාලය හිගවීමක් පොලිය කැපීමක් වැනි කිසිදු දෙයක් සදහා එකගත්වයක් නොලැබී තිබුණ පසුබිමේ.

rating 2

නමුත් මේ වන විට මෙරටට ණය දෙන රටවල එනම් ද්විපාර්ශ්වික ණය දෙන්නන් විසින් තමන් ලබා දුන් ණය වලින් ඩොලර් බිලියන 10.5 ක් පමණ ණය ආපසු ගෙවීම සඳහා 2028 දක්වා කාලයත් ඉන් පසුව 2043 දක්වා එය ගෙවීම සඳහා සහනදායි ක්‍රමවේදයකටත් එකඟව තිබේ. ඒ අනුව ඉදිරි වසර 4 ක කාලය සඳහා ද්විපාර්ශ්වික ණය ගෙවීම ගැන කිසිදු ගැටලුවක් අවදානමක් නොමැත.

මේ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ වන ණය ප්‍රතිව්‍යුගත කිරීමද සිදු වීමට නියමිතය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුගත කිරීම සිදුවීමත් මෙරට විදේශ විනිමය ඩොලර් බිලියන් 5.5 දක්වා ඉහළ ගොස් තිබීමත් මෙරට ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මේ වන විට මුල්‍ය අරමුදලත් මහ බැංකුවත් කර තිබෙන පුරෝකතනත අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙනුත් මෙරටට වාසිදායක විසඳුමක් ලැබෙනු ඇත. එම එකගවීම් අනුව මෙරට ණය ගෙවීමෙ හැකියාව ගැන අවදානම් බරපතල නොවෙනු ඇත. ශ්‍රි ලංකාව ණය ගෙවීම අත් හි‍ටුවන බව ප්‍රකාශ කළද බහුපාර්වික ණය ගෙවීම අත් හි‍ටුවීමක් නොකළ අතර එය අඛණ්ඩවම සිදු විය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනුව රට බංකොලොත්භාවයෙන් මිදීම මේ අනුව සිදුව තිබේ. මුදල් අමාත්‍යංශය බංකොලොත් බවට තීරණය ගත්තා සේම මුදල් ඇමැති ලෙස රනිල් වික්‍රමසිංහට බංකොලොත්බාවයෙන් රට මිදුනා යන්නද ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත. හැකියාව පමණක් නොව ඒ සඳහා පුර්ණ අයිතිවාසිකමද ඔහුට හිමිය. මන්ද වසර දෙකක කාලයක් තුළ රට මෙම අර්බුදයෙන් ගලවා ගැනීම වෙනුවෙන් වෙහෙසුනේ කැපවුනේ ඔහු සහ වත්මන් ආණ්ඩුව නිසාය.

සජිත්ලාට අනුරලාට මේවා දරා ගැනීමට නොහැකි වීම පුදුමයක් නොවේ. මේ අය බලාපොරොත්තු වුයේ රට තවදුරටත් රනිල්ගේ නායකත්වය යටතේ බංකොලොත් වීම දරුණු වෙනු ඇතැයි කියාය. නොවෙනවා නම් තමන් මැදිහත් වී හෝ එය කොහොම හරි කිරීමය. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මුළුමනින්ම කඩා කප්පල් කිරීමට දිගටම වෙහෙසුනේ ඒ් නිසාය.

රට ගොඩයෑම දරා ගන්න බැරිව ඇත්තෙ එය තමන්ගෙ බරපතලම පරාජය බවට පත්ව ඇති නිසාය. දැන් භූමි තෙල් ගහපු ගැරඩියා මෙන් විපක්ෂයට දඟලන්න සිදුව ඇත්තේ මේ නිසාය.

කොහොම නමුත් මේ ලියන මොහොතේ වුව නැතිනම් හෙට අනිද්දා වන විට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට ශ්‍රේණිය යම් ඉහළ මට්මකට ඇද දැමීම නියත වශයෙන්ම සිදු වනු ඇත. ඒ, රට මේ වන විටත් බංකොලොත්බාවයෙන් මිදුවා ඇති නිසාය. ආර්ථිකය සවිමත් වෙමින් ණය ගෙවීමේ හැකියාව තිරසාර කරගනිමින් ඇති නිසාය.

සජිත්ලාට අනුරලාට, ජනාධිපති රනිල්ගේ ප්‍රකාශය ගැන සැකයක් ඇති නම් එය තහවුරු කිරීමේ ජාත්‍යන්තර නිවේදනයන් නිශ්චිතව ලැබෙනු ඇත. නමුත් එයද මොවුන්ට ප්‍රමාණවත් නොවෙනු ඇත. තවතවත් නිල නිවේදන අවශ්‍ය කරනුද ඇත. මේ විපක්ෂයෙ හැටි එහෙමය. යථාර්ථය පිළිගැනීමට කැමති නැත. ඉදිරි මැතිවරණ වලින් තමන් ජයග්‍රහණය කරනවා යැයි කල්පනා කිරීමත් ඒහෙම තත්වයකි.
කොහොම නමුත් රජයේ අඩු පාඩු වැරදි හොය හොයා සිටියා මිසක් රටට ගොඩගන්න මේ අය කිසිදු අදහසක් මේ දක්වා ඉදිරිපත් කර ද නැත.

 

Last modified on Friday, 28 June 2024 15:26

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us