ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය අවධාරණය කෙරේ

Published in පුවත්
Wednesday, 26 June 2024 22:28

ඔස්ට්‍රියාවේ වියානා හි පැවැති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේදී, පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාමාජික රටවල් දැනුම්වත් කළ බව මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ආර්ථික වර්ධනය ඇති කිරීම සහ ආයතනික ධාරිතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ආයතනික සහ නීතිමය ප්‍රතිසංස්කරණ මෙම වැඩසටහනට ඇතුළත් බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ. 2023 වසරේ දී හදුන්වා දුන් දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ශක්තිමත් කිරීම මෙම ප්‍රයත්නයේ වැදගත් පියවරක් බව අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ ය. මෙමගින් පොදු සුබසාධනය සහතික කිරීම සඳහා අල්ලස හා දූෂණය තුරන් කිරීම රජය අරමුණ අතර අර්බුදයෙන් පසුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ශක්තිමත් සහ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් නව දූෂණ විරෝධී නීතිය දූෂණ අවදානම් විසඳීම සඳහා වඩාත් ශක්තිමත් නීතිමය රාමුවක් සපයන බව සේමසිංහ මහතා කියා සිටියේ ය. රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය අංශ ශක්තිමත් කිරීම සෑම පුරවැසියෙකුගේම කැපකිරීම් සහ උත්සාහයන් තුළින් අත්කර ගත් ප්‍රගතිය බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, අරාබි ආර්ථික සංවර්ධන සඳහා කුවේට් අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වලිඩ් අල්බහාර් සහ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල් රහ්මාන් අල්-මර්ෂාඩ් යන මහත්වරුන් මුණ ගැසීමට ද අමාත්‍ය සේමසිංහ මහතා පියවර ගත්තේ ය. එහි දී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික සහය සහ නව සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමුකර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කෙරිණි

- අද දෙරණ 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us