අමාත්‍යවරයා මේ බව පවසා තිබෙන්නේ ‘ආරංචිය සුබයි’ යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටුමග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.
පොහොට්ටු මැති ඇමතිවරුන් රනිල් වික්‍රමසිංහට උදව් කරන්නේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසාත් පෙර පැවති අර්බුදයෙන් රට නැවත යහපත් තත්වයට පත්කිරීම නිසා බවත් අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම මේ වන විට රටේ බහුතර ජනතාවද පොහොට්ටුව ගත් තීරණය අනුමත කර ඇතැයි හෙතෙම පවසයි.
මෙම මාධ්‍ය හමුව සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, පොදු ජන පෙරමුනේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේද සහභාගි විය.