වහළ මත සවි කළ සූර්ය පැනල හරහා වාර්ෂිකව අලුතින් මෙගා වොට් 150ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට රජය සැලසුම් කර තිබුණි.
ඉන් මෙගාවොට් 132ක විදුලිය ධාරිතාවක් මේ වසරේ පළමු මාස 5 තුළ දී පමණක් ජනනය කර ඇතැයි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය.
2011 වසරේ සිට රැස්කළ දත්ත මත පදනම්ව අමාත්‍යවරයා මෙම පණිවුඩය නිකුත් කර තිබේ.
-P.M