පියුමිගේ කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට

Published in පුවත්
Friday, 28 June 2024 10:38

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇති බැවින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවූ බවය.

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය ආයතනයේ ක්‍රීම් ඇතුළු රූපලාවණ්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියර් ආයතනයට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මඟින් ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර තිබිණ.

ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම කුරියර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

නිරූපණ ශිල්පිනියක ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝ ගී ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් නීති විරෝ ධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us