සත්ව නිෂ්පාදන ආහාර සිමා කෙරේ

Published in පුවත්
Monday, 24 June 2024 09:32

රටවල් රැසක කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සත්ව නිෂ්පාදන ආනයනය සීමා කර තිබේ.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසුවේ, කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බවයි. එමෙන්ම රටවල් කිහිපයක යළි හිස ඔසවා ඇති කුරුළු උණ රෝග කාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ ලොව ඇතැම් රටවල ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට මෙතෙක් අවදානමක් නොමැති බවයි.

කුරුළු උණ සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මෙරටට නොමැති වුවද ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්ව ගැන අවදානමක් නැහැ. විශේෂ අනතුරු ඇඟවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය අප වෙත කරලත් නැහැ. කුරුළු උණ රෝගී තත්ත්වයන් මීට පෙරත් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණා නමුත් ඒවා විශේෂ පැතිරීමකට ලක්වුණේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කර ගත යුතු නැහැ මේ අවස්ථාවේදී.”

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us