සරසවි සිසුන් ගැනීම කල්යන හැඩ

Published in පුවත්
Saturday, 15 June 2024 14:25

දින හතළිස් හයක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කළ ද සිසුන් ඇතුළත් කිරීම වර්ජනය අවසන් වන තෙක් කල් යාම නොවැළැක්විය හැකි බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ලැබෙන අයදුම්පත් තේරීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය නොමැති හෙයින් වර්ජනය අවසන් වුව ද අයදුම්පත් තෝරා ගැනීමේ කටයුතු සඳහා අමතර කාලයක් ගතවන බවත් එම නිලධාරියා කීවේය.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කෙරෙන ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට තවත් කාලයක් ගත වන හෙයින් වර්ජනයේ බලපෑම සුළුපටු නොවන බවත් හෙතෙම කීවේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්ගගත ක්‍රමයට අධ්‍යයන කටයුතු කරගෙන යන නමුත් ප්‍රායෝගික පරීක්ෂණ සහ විභාග පැවැත්වීමට සිසුන් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාවලට කැඳවිය යුතු ය. වර්ජනය අවසන් වන තෙක් එලෙස සිසුන් කැඳවීමට නොහැකි වීම ද බරපතළ ගැටලුවකි.

එමෙන්ම සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ගෙවීම ද මේ වන විට නතර වී තිබේ. විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා පරිපාලන කටයුතු සිදු නොවන හෙයින් එදිනෙදා අවශ්‍ය මුදල් පවා මහාභාණ්ඩාගාරයෙන් නිදහස් නොකෙරෙන බවත් ඉහත කරුණු දැක්වූ නිලධාරියා කීවේය.

අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද අවසන් වරට වැටුප් ලබා ගෙන ඇත්තේ අප්‍රේල් මස 10 වැනිදා ය. එදින සිට මේ දක්වා ඔවුන්ට ද වැටුප් නොලැබීම බරපතළ ගැටලුවක් වී තිබේ. කෙසේ වුව ද සිය ඉල්ලීම ඉටු වන තෙක් වර්ජනය අත් නොහැරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us