කීරි සම්බා වැඩි මිලට විකුණන ජාවාරමක්

Published in පුවත්
Monday, 10 June 2024 13:44

පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක් වුවද කීරි සම්බා හිඟය මූලික කර ගනිමින් ඇතැම් ප්‍රදේශවල කීරිසම්බා සහල් කිලෝවක් රු. 345-360ත් අතර මුදලකට අලෙවි කරමින් පවතින බව වාර්තාවේ.

මෝල් හිමියන් විසින් ඔවුන්ගේ ඇසුරුම්වල කීරි සම්බා සහල් කිලෝවක මිල රු. 260 ක් වන ලෙසට කිලෝ 05 හා 10 ඇසුරුම්වල සඳහන් කර ඇතත් වෙළෙඳසැල් හිමියන් විසින් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරනු ලබයි.

ඇතැම් ප්‍රදේශවල සහල් කිලෝ 05 ඇසුරුමක් රු.1745 -රු.1800 අතර මුදලකට අලෙවි කරන අතර සහල් කිලෝ 10 ඇසුරුමක් රු.3450ක මුදලකට අලෙවි කරයි. කිලෝවක් හෝ කිලෝ දෙකක් වශයෙන් සහල් සිල්ලරට අලෙවි කිරීමේදී කිලෝවක් රු.360 ක පමණ මුදලකට අලෙවි කරනු ලබන බවත් වාර්තා වේ.

මෝල්හිමියන් සහල් ඇසුරුම් වෙළෙඳසැල්වලට ලබා දීමේදී වැඩි මුදලට අලෙවි කරමින් තිබෙන බවත්, මේ නිසා ජනතාවට සහල් අලෙවි කිරීමේදී වැඩි මිලට සහල් අලෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඇතැම් ව්‍යපාරිකයෝ සඳහන් කරයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us