වර්ජනයේ නිරත සේවකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයක්

Published in පුවත්
Monday, 10 June 2024 14:05

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග සාකච්ඡාවක් ලබාදී තිබේ.

මේ අතර වර්ජකයින්ගේ චෝදනාවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දැක්විය.

මෙම වර්ජනය හිතාමතාම මහජනතාව සහ රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන එකක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා පැවසුවාය.

එමෙන්ම එවැන්නක් සිදුකරමින් දෙපාර්තමේන්තුව පත් කරල අපහසුතාවයට එරෙහිව අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සාමාන්‍යාධිකාරිය ඇතුළු සියලු දෙනා ඒකමතිකව එම තීරණයේ සිටින බවත් ඇය පැවසීය.

"06 වනදා වනවිට උසස්වීම් ලිපි 57ක් අපි නිකුත් කරලා තිබුණා. 83න් 57ක් කියන්නේ 50%කටත් වැඩි අගයක්. 06 වනදා රාත්‍රියේ ඉඳලා වර්ජනය ක්‍රියාත්මක වූ නිසා මේ අයට මූලික කටයුතු කරන්නේ අපේ දෙපාර්තමේන්තුවේම උප දෙපාර්තමේන්තුවක් වන ධාවනබල දෙපාර්තමේන්තුව. අපි ධාවනබල දෙපාර්තතමේන්තුවට ගිහිල්ලා විමසීම් කරලා අඩුපාඩු සහිත ඉතුරු ඒවා ටිකත් එදා හවස 04 වෙනකොට අපේ දෙපාර්තමේන්තුවට යොමුකරලා තිබුණා. ඒ පත්වීම් ලිපි මේ වෙනකොට සකස් කරලා ඉවරයි. එතකොට සියලුම පත්වීම් 70ක් අපිට නිකුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. පත්වීම් 13ක් පමණයි ප්‍රශ්න තියෙන්නේ. ඒවා දෙපාර්තමේන්තු කඩයිම් පරීක්ෂණ සහ දෙවන භාෂා ප්‍රවීණතාවය ලබාගැනීම සහ විනය පරීක්ෂණ කටයුතු අවසන් කර ගතයුතු වෙනවා ඒ පත්වීම් 13 ලබා දෙන්න. ඒ වගේම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මාසයක් ඇතුලත විශේෂ පරීක්ෂණයක් තියන්න අපි සැලසුම් කරලා තියෙනවා. වර්ජනය මෙහෙයවන වෘත්තීය සමිතියේ ලේකම් තමයි වර්ජනය හැම වෙලාවෙම මාධ්‍ය තුළත් කතා කරනවා දකින්ට ලැබුණේ. සභාපතිවත් වෙන අයවත් හිටියේ නෑ. මේ වර්ජනය හිතාමතාම මහජනතාවත් රජයත් අපහසුතාවයට පත් කරන්න කරපු වර්ජනයක් විදියට තමයි මම දකින්නේ."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us