අපරාධ මැඩලීමට යෙදවුමක් (App) නිපදවයි

Published in පුවත්
Monday, 10 June 2024 13:39

අපරාධ මැඩලීමේ පියවරක් ලෙස ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවල දර්ශන එම ස්ථානවල හිමිකරුවන්ගේ කැමැත්ත ඇතිව නිරීක්ෂණය කිරීම ළඟදීම ඇරඹීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටියි.

මේ යටතේ ඔවුන් නිරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ප්‍රධාන මාර්ග සහ පොදු ස්ථානවලට මුහුණලා ඇති කැමරා දර්ශන පමණි.

අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ පොලිසිය මේ වන විට CCTV දර්ශන නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි යෙදවුමක්(App) නිපදවමින් සිටින බවයි.

ප්‍රධාන මාර්ගවලට මුහුණලා ඇති තෝරාගත් කැමරාවලට ප්‍රවේශය ලබාදීමේදී අපරාධ සහ රථවාහන වැරදිකරුවන් මර්දනය කිරීමට ඉවහල් වන බැවින් මහජන සහයෝගය අපේක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

පොලිසිය සහ රාජ්‍ය ආයතන විසින් සවිකර ඇති කැමරාවලින් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු අපරාධ සහ රථවාහන වැරදි මැඩලීමේදී ලබා ඇති සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

පැය විසිහතර පුරා CCTV දර්ශන අධීක්‍ෂණය කරන පොලිසියේ මෙහෙයුම් මැදිරිය අපරාධ නඩු විසඳීමට දායක වී රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හේතු වී ඇත.

CCTV දර්ශන නිරීක්ෂණය කර වාහන හිමිකරු දැනුවත් කිරීමෙන් පසු මාර්ග නීති කඩකරන්නන්ට එරෙහිව නඩු පැවරීමේ ක්‍රමවේදයක් පෙබරවාරි මාසයේදී පොලිසිය විසින් හඳුන්වා දෙන ලදී.

නව ක්‍රමය හඳුන්වාදීමෙන් පසු මාර්ග නීති කඩකර කැමරාවලට හසුවූ පුද්ගලයන් 4,354 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

මෙහෙයුම් මැදිරිය රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 82,438ක් ගොනු කර තිබූ අතර CCTV කැමරා සවිකළ ජංගම ඒකකය මගින් මාර්ග නීති කඩ කිරීම් 38,075ක් අනාවරණ කරගෙන ඇත.

මෙහෙයුම් මැදිරිය සහ ජංගම ඒකකය යන දෙකම අපරාධ නඩු 2,313ක් විසඳීමට උපකාර කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us