අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමට ආකල්ප සංවර්ධනය වූ තරුණයින් අවශ්‍යයි - සාගල

Published in පුවත්
Monday, 10 June 2024 12:27

අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරය ජූනි 08 සහ 09 දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ස්ථිර ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පෙන්වා දෙමින් යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්බන්ධව හා වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ ජාතික තරුණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම යන මාතෘකා මෙවර සැසිවාරයේ දී සංවාදයට ගැනිණි. ‍

යොවුන් පාර්ලිමේන්තුවේ සමස්ථ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් පළමු දිනයේ සාමාජික සාමාජිකාවන් හැට දෙදෙනෙකු සහ දෙවන දිනයේ සාමාජික සාමාජිකාවන් හැත්තෑ නව දෙනෙකු සැසිවාරය සඳහා සහභාගී වුහ.

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැගු ප්‍රශ්න කිහිපයකටද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් සාගල රත්නායක මහතා තරුණ පාර්ලිමේන්තුව සඳහා සක්‍රීය සහභාගිත්වය වෙනුවෙන් සාමාජික සාමාජිකාවන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමට ද එක් විය.

යොවුන් පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතු සාගල රත්නායක මහතා වැඩිදුරටත්
මෙසේ ද පැවසීය.


''අද මෙම සැසිවාරයේ දී තරුණ ප්‍රතිපත්තියත්, ආර්ථික පරිවර්තන පනතත් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. රට තුළ නව ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා කැපවී කටයුතු කරන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් බව කිව යුතුයි. අප අවසන් වශයෙන් අලුත් ආර්ථිකයක් මේ රට තුළ දුටුවේ 1978/79 සමයේ ආරම්භ වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. ඉන් පසු ආර්ථික ප්‍රතිපත්තිවලට සංශෝධන එක් වුවා මිස සම්පූර්ණ අලුත් ආර්ථිකයක් රටට හඳුන්වා දීම සිදු වුණේ නැහැ. ඒ හේතුවෙන් අපට රටක් ලෙස තරගකාරිත්වයට මුහුණ දෙමින් වේගයෙන් ඉදිරියට යාමට නොහැකි වුණා.

ඒ වගේම අපේ ආර්ථිකයට දේශපාලන බලපෑම් විශාල ලෙස බලපානු ලැබුවා. එපමණක් නොවෙයි අපේ තරුණ දරුවන්ගේ ආකල්පත් මීට බලපෑවා. අලුත් ආර්ථිකයක් සමග ඉදිරියට යාමේ දී තරුණ පරපුරේ ආකල්ප ද ඒ හා සමගාමීව සංවර්ධනය විය යුතුයි.

දරුවන්ගේ අධ්‍යාපනය, දැනුම සහ පුහුණුව වර්ධනය නොකළහොත් අප මොනතරම් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි වන්නේ නැහැ. ජනාධිපතිතුමා ද සෑම අවස්ථාවකම මෙය පෙන්වා දෙනවා. අප ගමන් කරන අලුත් ආර්ථිකයට අවශ්‍ය පුහුණුව දැන් සිටම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ සඳහා මනස සකස් කළ යුතුයි.

එහිදි පැරණි හණමිටි අදහස් අප වෙනස් කරගත යුතුයි. හොද දේවල් අප ඉදිරියට ගෙන යා යුතුයි වගේම දුර්වල දේ අත්හැරිය යුතුයි. එසේම අලුත් වැඩපිළිවෙළේද හොද දේ පමණක් ගනිමින් දුර්වල දේ අතහැරිය යුතුයි. ඒ නිසා අලුත් පනත් ගේනවා වගේම තරුණ පරපුරේ දියුණුව වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා."

WhatsApp Image 2024 06 10 at 11.21.04 38edaed5

WhatsApp Image 2024 06 10 at 11.21.03 a6c6a9d1

 

Last modified on Monday, 10 June 2024 12:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us