තමන්ව ලිංගික බලහත්කාරයට ලක්කිරීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ඝාතනය කළ ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමුණි. මෙලෙස එල්ලා මරාදමා ඇත්තේ, රිහානද් ජබාරි නැමති 27 හැවිරිදි තරුණියකි. ඇය විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇත්තේ 2007 වසරේදී, ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී වන අතර 2009 වසරේදී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම කරන ලදී.

මාලක සිල්වා මහතා විදේශිකයකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමති මර්වින් සිල්වා මහතාට දෝශාරෝපනය කර ඇත.

ගිනස් වාර්තා නවයක් තැබූ අනුරාධපුරේ නයිට්ක්ලබ් හිමිකරු කියන කතාව
අනුරාධපුර පූජා භූමියට ආසන්නයේ පවත්වාගෙන ගිය මෙම රාත්‍රී සමාජ ශාලාව පිළිබඳව පාර්ලිමෙන්තුය්වේද කතා බහට ලක්වුණි. මේවනවිට හෙළිවී ඇත්තේ එම රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු අන් කවරෙකුවත් නොව අනුරාධපුරයේ "යකඩ මිනිසා" නමින් හඳුන්වනු ලැබූ ඇලැක්‌සැන්ඩර් වසන්ත බවය.

පසුගිය දා ඉතා සුළු මොහොතකින් පස් කන්දක් බවට පත් වූ කොස්ලන්දෙන් ඊයේ  තවත් කඳුළු කථාවක් වාර්තා විය.  

කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා  ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) පස්වරුවේ නියෝග කළේය.

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමා එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. 

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී විදේශිකයෙකු ගේ පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.

පසු ගිය පෙබරවාරි මාසයේදි  ජනාධිපති ලේකම්ට අයත් පභූ ආරක්ෂක අංශයේ අයෙකු විසින් තමාට මහ මගදි පහරදීම පිළිබදව වන මහේස්තාත් අධිකරණ නඩු විභාගය පොලිසිය විසින් වංචනික ලෙස  අධිකරණයද මුලා කරමින් යට ගසන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ඊයේ (31) පැවැත්විණි. මරදාන සමාජයීය හා සාමයික කේන්‍ද්‍රයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතාගේ මූලිකත්වයෙන් එය පැවැත්විණි. දිවයින පුරා ආයුර්වේද රෝහල්වල සිට පැමිණි ආයුර්වේද වෛද්‍යවරු විශාල ප‍්‍රමාණය් මේ සඳහා සහභාගී වී සිටි අතර ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම මෙහිදී සිදු විය.
පසුගිය මාර්තු 8 වන දා දකුණු චීන මුහුදේ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ මගියෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා ඊයේ (31) නඩුවක් පවරා අැත. 
එය අතුරුදන් වූයේ මගීන් 239 දෙනෙකු සමඟය.

Connet With Us