විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස ඉල්ලමින් විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 217කි. ඒ අනුව මෙම සත්‍යග්‍රහයේ දිගුවක් ලෙස අද(21) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැමිණි සිසුන් ගස්තු වැඩිවීමට විරෝධය පළ කර සිටියේය. එහිදී අදහස් දක්වමින් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම ගැටලුවට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස පරිපාලනයට බලකර සිටින බවයි.

 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දැනටමත් බිඳ වැටී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.  මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබාගෙන මෙම මැතිවරණයේදි සන්ධානයට විශිෂ්ඨ ජයක් අත් කරගත හැකි බවට සන්ධාන නායකයන් තැබු බලාපොරොත්තු සුන්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂට තිබු ජනතා ආකර්ෂණය බලාපොරොත්තු නොවු ලෙස බිඳවැටී තිබීමය.

කායික දුබලතාවන්ගෙන් යුතු තැනත්තන් හට ඡන්ද පොළ වෙත යාම සඳහා ප‍්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අගෝස්තු නව වනදා දක්වා පවතී.

සිංහල ජනතාව තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ තිබූ ප්‍රසාදය මේ වන විට එන්න එන්නම පහළ බසිමින් තිබෙන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප‍්‍රකාශ කළේය.

මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අනිසි පරිහරණය සිදුවීම වැළැක්වීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා නිකුත් කර තිබේ.

මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති ‍ තෙන්නකෝන් මහතා සඳහන් කළේ ‍එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

ශ‍්‍රී ලංකාවට ආහාර ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 154 ක් වැය වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ. ඊයේ (20) දේශිය ආහාර නිෂ්පාදන වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එලෙස ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් පරිප්පු, කඩල සහ ඇපල් ඇතුළු ආහාර වර්ග 04 ක් හැර සෙසු සියලු ඒවා දේශියව නිෂ්පාදනය කළ හැකි බවයි.

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප්‍රචාරක ‍රැළිය පැවැත් වුණු පසුගිය 17 වන දින එම ‍රැස්වීමට පෙර අනුරාධ පුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුද ගැනීමට ගිය අවස්ථාවේදී ගීතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය මහින්දවාදීයකු විසින් සොරාගෙන ඇති බව වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us