කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(16) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම මහමැතිවරණයක් කැඳවීමට උත්සාහ කරන බවට රාජපක්ෂවාදීන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරයි.

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අද(16) උදෑසන අභාවප්‍රාප්ත වි තිබේ.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(15) සවස අරලිය ගහමැදුරේදි පැවැත්විනි. වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර මෙහිදී මාධ්‍ය සංගමය විසින් ඉදිරිපත් කෙරුණු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දෙන බව අගමැතිවරයා පොරොන්දු වූ අතර ඇතැම් කාරණාවන් සඳහා විසදුම් යෝජනා කරන ලෙස සංගමය වෙත දැන්වීය.

'මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි'යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දිවයින පුවත්පතට ලබා දුන් ප්‍රකාශයක දැක්වේ.

මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආරක්ෂක නිවාස, හමුදා නිලධාරීන්, ඔවුන්ගේ මෙහෙයුම් හා එම මෙහෙයුම සඳහා භාවිත කළ යුද උපකරණ පිළිබඳ නිල රහස් හෙළි කිරීම ඇතුළු අධි චෝනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති කුලසිරි උඩුගම්පළ මහතා ඊයේ (15) ප්‍රථමවරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධූරය යළි ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පැවැති පාලනයට වසර 12ක් තිස්සේ ඉටු කිරීමට නොහැකි වූ දෙය යහපාලන ආණ්ඩුව පත්වී කෙටි කලකින් ඉටු කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. සුළුතර බලයකින් ඉටු කරමින් සිටින ජනතා මෙහෙවර ඉදිරි මැතිවරණයෙන් පසු බහුතර බලයක් සහිතව ඉටු කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us