හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ණයට දුන් රුපියල් මිලියන දෙකක මුදල ආපසු ඉල්ලා සිටි විට සුදු වෑන් එකක් හා පොලිස් නිලධාරීන් හැම තිස්සෙම තම නිවෙසට පැමිණෙන්න වූ බව ‘වෙලේ සුදා’ නමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (12) අනාවරණය කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් නම, ජාතික හැඳුනුම් පතේ හෝ වෙනත් හඳුනා ගැනීමේ පතක සඳහන් වී තිඛෙන ආකාරය අතර වෙනසක් පැවතියද ඡන්දදායකයින්ට අපහසුවකින් තොරව සිය ඡන්දය භාවිත කළහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා ඊයේ (12)  මීගමුව කම්කරු අධිකරණයේ පැවති නඩුවක් සඳහා යමින් සිටියදී කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණි පිරිසක් නුගේගොඩ සුභද්‍රාරාම හන්දියේදී ඔහුට තර්ජනය කර නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා සිය කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය අතර මඟ නවතා දමා මේවන විට හම්බන්තොට නිවසට වී කාලය ගතකරමින් සිටින බව වාර්තාවේ.

අප ඊයේ 'රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්' යනුවෙන් පළ කල පුවත සනාත කරමින් මෙම සැලසුමේ සිටින න්‍යාචාර්යවරයකු වන අශෝක අභයගුණවර්ධන මහතා ඊයේ දිනයේ කිලී මහරාජාගේ සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනක් අතරතුරේදී සනාත කරනු ලැබීය.

මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.

අතුරුදන් වූ මධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැ‍රැ ගෙනයාමට හේතුවූ බව සමහරුන් කියන 'පවුල් ගස' නම් ලිපිය මේ සමඟ පළවේ.

ඔහුගේ එම ලිපියේ තෝරාගත් කොටසක් “හංස සංදේශය ” මැතිවරණ පුවත්පතෙහි පලකරනු ලැබීය.මෙලෙස යලි පළකරන්නේ දෙදහස් දහයේ ජනවාරි මාසයේ ප්‍රගීත් පැහැරගෙන යන්නට දින කිහිපයකට පෙර ප්‍රකාශිත එම ලිපියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායක හා එජනිස හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී සනත් ජයසූරිය මහතා අද දින එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතාට සහය දීමට ඉදිරිපත් විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us