ආර්ථික ස්වාධීනත්වයෙන් ශ්‍රී ලංකාව හා චීනය සමතැන

Published in පුවත්
Tuesday, 21 February 2017 16:49

එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව චීනය සමතැන් ගෙන ඇත.කෙසේ නමුත් පසුගිය වසරට වඩා ශ්‍රීලංකාව ස්ථාන 19 කින් පහල යාම හා චීනය ස්ථාන කිහිපයකින් ඉහළ යැම නිසා එකහා සමාන ලකුණු සංඛ්‍යාවක් දෙරටම ලබා ඇත මෙහිදි රුසියාව සිටින්නේද ශ්‍රිලංකාවට වඩා පහළිනි.

නොබෝදා එළිදක්වන ලද 2017 ආර්ථික ස්වාධීනත්ව දර්ශකයේ 112 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙන අතර 2016 වසරේ දී ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයේ පසුවිය.

මෙහිදී ශ්‍රී ලංකාවට 57.1 ක ලකුණු ප්‍රමාණයක් ලැබී තිබෙන අතර පසුගිය වසර 6 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් මෙය වාර්තා වේ. ලකුණු 100 ක සමස්තයකින් හිමිවන මෙම ලකුණු ප්‍රමාණය 2016 වසරේ දී 59.9 ක් විය.

මෙම වර්ගීකරණයේ දී ලකුණු 50 ට වඩා අඩුවෙන් ලබා ගන්නා රටවල් ආර්ථික ස්වාධීනත්වය යටපත් කරනු ලැබූ (Repressed) රටවල් ලෙසින් හඳුන්වා ඇති අතර ලකුණු 50-70 අතර රටවල් වැඩිවශයෙන් ආර්ථික පරාධීන (Mostly Unfree) රටවල් ලෙසින් හඳුන්වා තිබේ. ශ්‍රී ලංකාව අයත් වන්නේ එම කාණ්ඩයට ය.

eccc

70-80 ලකුණු කාණ්ඩයේ රටවල් වැඩිවශයෙන් ආර්ථික ස්වාධීනත්වයක් ඇති රටවල් ලෙසත් ලකුණු 80 ට වඩා ලබා ඇති රටවල් පූර්ණ නිදහස් රටවල් ලෙසත් හඳුන්වා ඇත.

මෙහිදී ආර්ථික නිදහස ඇති ලොව හොඳම රටවල් 5 වශයෙන් හොංකොං, සිංගප්පූරුව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ස්විස්ටර්ලන්තය නම් කර තිබේ.

රටවල් 180 ක් මෙම ඇගයීමට යොදාගෙන ඇති අතර ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, යේමනය හා Liechtenstein යන රාජ්‍යයන් මෙම අධ්‍යයනයට යොදා ගෙන නොමැත.

 

ecconamifreedom

Last modified on Tuesday, 21 February 2017 16:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us