ඖෂධ සමාගම ගැන බොරු කිව්වැයි රාජිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි Featured

Published in පුවත්
Tuesday, 21 February 2017 13:21

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තම සමාගම සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරෙමට එරෙහිව ඔමැක්ස් හෙල්ත් කෙයාර් සමාගම තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ප්‍රකාශය පහත දැක්වේ.

ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අප සමාගම වන ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සිදුකරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා දොස්තර රාජිත සේනාරත්න මහතාට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප සමාගම තීරණය කර ඇත.
එම මාධ්‍ය හමුවේ දී අප සමාගම සම්බන්ධයෙන් දොස්තර රාජිත සේනාරත්න මහතා කරන ලද අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ මාධ්‍යවල පළවීම නිසා ඒවාට පිළිතුරු දීමට අපට අයිතියක් ඇතැයි අපි විශ්වාස කරමු.

සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් අප සමාගම ඉලක්ක කර ප්‍රකාශ සිදු කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අයගේ චරිතය ඝාතනය කිරීමට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදන සහ පුවත් පත් වාර්තා පිටුපස සිටින්නේ අප සමාගම බව අමාත්‍යවරයා විසින් තීරණය කිරීම හේතුවෙනි. ඒ අනුව අප සමාගමේ ව්‍යාපාර නාමය සඳහන් කරමින් දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අප ආයතනයට අසත්‍ය සහ නොමග යවන තොරතුරු පදනම් කර ගෙන පහර ගසමින්, ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අය සහ ඔහුගේ පවුලේ උදවිය වැදගත්, අහිංසක අය බව පෙන්වන්නට පෞද්ගලික උත්සායක් දරා ඇති බව මාධ්‍ය මගින් අපි දුටුවෙමු.

ආචාර්ය එච්.එම්.එම්. රූමි යන අයගේ සහ ඔහුගේ පවුලේ උදවියගේ වැදගත්, අහිංසකභාවය ගැන අප සතුව ලේඛනගත සාක්ෂි ඇති අතර, අවශ්‍ය අවස්ථාවේ දී ඒවා යහ පාලන ආණ්ඩුවේ, මාධ්‍යයේ සහ ඖෂධ මාෆියාවෙන් බැට කන අහිංසක රෝගීන්ගේ අවධානය පිණිස හෙළිදරව් කරන්නට අපි කිසිසේත් පසුබට නොවෙමු. එහෙත්, සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇති ගෞරවය සහ ඔහුට දීර්ඝ දේශපාලන ගමනක් යාමට ඇති අවස්ථාවට ගරු කරමින් අපි ඉතා ඉවසීමෙන් කටයුතු කරන බව ද ප්‍රකාශ කරමු.

එසේම සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් දක්වා තිබුණේ අප සමාගම රෝගීන් මරා දැමු සමාගමක් බවත්, අප සමාගමේ හිමිකරු අත් අඩංගුවට ගෙන, අධිකරණ නියෝග මත මාස හයක කාලයක් රිමාන්ඩ්භාරයේ සිටි බවත්ය. අප සමාගම රෝගීන් මරා දැමු සමාගමක් ලෙස අමූලික අසත්‍ය ගොතා කියන මට්ටමකට සෞඛ්‍ය අමාත්‍යවරයා පත්වීම පිළිබඳව අපි කණගාටු වෙමු.
එසේම අප සමාගම විසින් සිදු නොකරන ලද බවට අප දිගින් දිගටම කියා සිටින වරදක් සම්බන්ධයෙන් අප සමාගමට එරෙහිව ආරම්භ කරන ලද රහස් පොලිස් විමර්ශනයේ දී, පොදු දේපල විෂයෙහි ලා සැලකෙන වරදක් ආරෝපණය කරමින් අප සමාගමේ අධ්‍යක්ෂවරයෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව, පොදු දේපල සම්බන්ධයෙන් ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නොමැත යන පදනම මත එම අධ්‍යක්ෂවරයාට ගරු මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර, ඇප ලබා ගන්නා තෙක් රිමාන්ඩ්භාරයේ සිටීමට සිදු විය. එහිදී ගරු මහාධිකරණය විසින් අදාළ ඇප නියෝගය ලබාදෙමින් සදහන් කරන ලද කරුණක් අදාළ නියෝගයෙන් උපුටා අපි පහත දක්වමු.

“මෙම 03 වන සහ 04 විත්තිකරුවන් (අප සමාගමේ අධ්‍යක්ෂ සහ උපදේශක) විසින් ප්‍රශ්නගත එන්නත් වෛද්‍ය සැපයුම් ඒකකයට භාර දීමෙන් අනතුරුව ඔවුන් විසින් එකී එන්නත් සම්බන්ධයෙන් කිසිම කටයුත්තක් සිදුකර ඇති බවට කිසිම සාක්ෂියක් අනාවරණය වී නැත. වෛද්‍ය සැපයුම් ඒකකයේ අභ්‍යන්තර වාර්තාව ප්‍රකාර මෙකී සියලුම එන්නත් යහපත් තත්ත්වයේ තිබෙන බවට වාර්තාවක් ද

ඉදිරිපත් කර ඇත. එබැවින් පොදු දෙපළක් සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයට භාර දීමෙන් අනතුරුව ද ඉන් අනතුරුව මහරගම පිළිකා රෝහලට මෙම එන්නත් භාර දීමෙන් එන්නත් පිළිකා රෝහලේදී ගබඩා කිරීමේදී ද එකී ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම සාවද්‍ය ක්‍රියාවක් මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදු කර නැත.”

මෙම විමර්ශනය සිදු කරන බලධාරීන්ගෙන් ඉතා ගෞරවයෙන් අභියෝග කර, අපි ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් විමර්ශන නිමා කර, සුදුසු නම් නඩු පවරන ලෙසයි. එවිට අපේ නිදොස් බව ඔප්පු කරන්නට අපට අවස්ථාව උදාවෙනවා පමණක් නොව, සැබෑ ඖෂධ මාෆියාව ගැන තොරතුරු ද අනාවරණය වනු ඇතැයි අපි යහ සිතින් අපේක්ෂා කරමු.


නුවන් ෆොන්සේකා
අධ්‍යක්ෂ
19-02-2017

Last modified on Tuesday, 21 February 2017 13:21

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us